අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

අනුරාධපුරය

අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

ගුරු -සිසු ඇගයුම් උළෙල(2024)

IMG20250303081844.jpeg
IMG20250303080110.jpeg
WhatsApp Image 2025-02-28 at 14.38.13.jpeg
WhatsAppImage2024-11-20at125830.jpeg
WhatsAppImage2024-07-11at1329261.jpeg

විදුහල්පති පණිවිඩය

කේ.එම්.ජී.ඒ.කේ.කොස්වත්ත

අනුරාධපුර කලාපයේ මහවිලච්චිය කොටඨාශයේ ඇති අතිදුෂ්කර පාසලක් වන අප පාසල මහවිලච්චය කලාපයේ සිසුන් 200ට වැඩි ද්වීතීක පාසලකි.

6-13 ශ්‍රේණි ක්‍රියාත්මක වන අප පාසලේ සිසු දරුවන් රැසක් ඉගෙනුම ලබන්නේ දැඩි ආර්ථික දුෂ්කරතා මැදය.

නගරයේ ඇති ප්‍රමුඛ පෙලේ පාසල්වලට ලැබෙන පහසුකම් බොහොමයක් අප වැනි දුෂ්කර පාසල් වලට නොලැබෙන අතර සිසුන්ට මෙන්ම ගුරු භවතුන්ටද යහපත් ඉගෙනුම් පරිසරය්ක් ගොඩ නගා ගැනීම දුෂ්කර වීඇත.එවැනි පසුබිමක සයබර් ලොවට පියාපත් ආයතනයක් මගින් ලබා දුන් මාර්ගත පුහුණුවට හා ලබා දුන් වෙබ් ලිපිනයට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.

අප විද්‍යාලයේ දරුවන්ට නව තාක්ෂණ දැනුම අත්හදා බලමින්  , ස විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.තවද අප පාසලේ සිසු දරුවන්ගේ අධ්‍යපනික මෙන්ම ,සියලු අංශයන්හි හැකියාවන් මෙම වෙබ් අඩවිය තුළින් එළි දැකිවීමට බලාපොරොත්තු වෙමි.තවද මෙම අඩවිය තුළින් අප පාසලේ දරුවන්ව නව තාක්ෂණය ඵලදායී ලෙස යොදා ගැනීම උපකාර කරනු ඇතැයි සිතමි.

නමෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.එමෙන්ම මහවිලච්චිය කලාපයේ ඇති පාසල් 13 අතරින් හොදම පාසල වීම හැකිවනු ඇතැයි සිතමි.

 

කේ.එම්.ජී.ඒ.කේ.කොස්වත්ත
විදුහල්පති
අ/තම්බියාව ධර්මපාල මහා විදුහල.