අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

අනුරාධපුරය

අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

පාසලේ ඉතිහාසය

ගුරු -සිසු ඇගයුම් උළෙල(2024)

IMG20250303081844.jpeg
IMG20250303080110.jpeg
WhatsApp Image 2025-02-28 at 14.38.13.jpeg
WhatsAppImage2024-11-20at125830.jpeg
WhatsAppImage2024-07-11at1329261.jpeg

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.

1955 වසරේදී ප්‍රදේශයේ දරුවන් සදහා අධ්‍යපනය ලබා දීම සදහා ආරම්භ වූ අතර එහිදී ස්වේච්ඡ පාසලක් ලෙස පවත්වාගෙන යන ලදී.එහදී ප්‍රදේශයේ සිටි උගතුන් හා බුද්ධිමතුන් වැටුප් රහිතව පාසලට පැමිණ ප්‍රදේශයේ දරුවන් සදහා ස්වේඡවෙන් ඉගැන්වීම් කටයුතු කරන ලදී.

පාසල පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ඉඩම එම්.පුංචි අප්පුහාමී මහතා විසින් පරිත්‍යග කරන ලදී.ඉන් අනතුරුව 1960 දී රජයේ අනුමත පාසලක් ලෙස ඉගෙනුම් කටයුතු ආරම්භ කරන ලදී.එසේ ආරම්භ කළ අප පාසල  මුලදී 1-13 ශ්‍රේණි සදහා ඉගෙනුම් කටයුතු සිදු කරන ලදී.විවිධ විදුහල්පති තුමන්ලා යටතේ මෙන්ම විවිධ දරුවන් සමගින් අපේ පාසල වසර  ගණනාවක් පවත්වාගෙන යන ලදී.එකී කාලය තුළ විවිධ වූ ජයග්‍රහණ පාසලට ලැබී ඇත.විවිධ අංශ වලින් ප්‍රදේශ බැබලවූ දරුවන් රැසක් අප පාසලේ ඉගෙනුම ලබා ඇති අතර වර්තමානය වන විට ඔවුන් සමාජයේ විවිධ අංශ වල කටයුතු කරති.

එසේම 2016 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව   අප පාසලට මහින්දෝදය තාක්ෂණික විද්‍යගාරයක් ලැබී ඇත.එමගින් ගණිතාගාරයක්,විද්‍යගාරයක්,පරිගණක ගාරයක් සහ භාෂාගාරයක් තුළ තම ඉගෙනුම් කටයුතු සිදුකිරීමේ අවස්ථාව සිසුන්ට හිමිවී ඇත.

2017 වසරේදී අකිල විරාජ් කාරියවසම් මහතාගේ ළගම පාසල හොදම පාසල යන සංකල්පයට අනුව 6-13 ශ්‍රේණි සදහා ඉගෙනුම් කටයුතු සිදුකරන පාසලක් බවට පත්විය.තවද අප පාසලේ ප්‍රාථමික විදුහල අ/තම්බියාව ධර්මපාල ප්‍රාථමික විදුහල ලෙස 2017 වසරේ ආරම්භ කරන ලදී.

2019 වර්ෂයේදී 13 වසරක අඛණ්ඩ අධ්‍යපන වැඩසටහන යටතේ අප පාසලේ 13 වසරක වෘත්තීය අංශය ඇරඹුණු අතර එහිදී සාමන්‍ය පෙළ විභාගයට මුහුණු දුන් සිසුන්ට තමන් කැමති අංශයක් ඔස්සේ වැඩිදුර අධ්‍යපනය සිදු කර ගැනීමේ අවස්ථාව සිසුන්ට ලැබී ඇත.වර්තමානය වන විට හෝටල් වල ,රෝහල් වල මෙන්ම පරිගණක ක්‍රේෂ්ත්‍රයේද අප පාසලේ වෘත්තීය අංශයේ සිසුන් වැඩිදුර අධ්‍යපනය හදාරති.

 

ආරම්භ කළ වර්ෂය

 1960

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

 1

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

 12

මුල් ගුරුතුමාගේ නම

 සුගතදාස මහතා

පාසලේ ආදි කතෘගේ නම

 සුගතදාස මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

 2

අ/තම්බියාව ධර්මපාල ප්‍රාථමික විදුහල ආරම්භ වූ වර්ෂය

 2017

ද්විතීක පාසලක් ලෙස ආරම්භ වූ වර්ෂය

 2017

නිපුණතා මැදුර සිසු අයිතියට ලැබුණු වර්ෂය

 2019

මහින්දෝදය තාක්ෂණ ගොඩනැගිල්ල සිසු අයිතියට ලැබුණු වර්ෂය

 2016

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව