අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

අනුරාධපුරය

අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

ගුරු -සිසු ඇගයුම් උළෙල(2024)

IMG20250303081844.jpeg
IMG20250303080110.jpeg
WhatsApp Image 2025-02-28 at 14.38.13.jpeg
WhatsAppImage2024-11-20at125830.jpeg
WhatsAppImage2024-07-11at1329261.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය(පාලන)

නියෝජ්‍ය විදුහල්පති නම

දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගන අප පාසල උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය කොට්ඨාසයේ පිහිටා ඇති අතිදුෂ්කර පාසලකි. දැඩි ආර්ථික දුෂ්කරතා මැද අධ්‍යපනය හදාරන අප පාසලේ සිසු දරුවන් නව ක්‍රම  ඔස්සේ අධ්‍යපනය ලැබීමට දැඩි ආශාවක් දක්වති.

අප විද්‍යාලයේ ගුරුභවතුන්ගේ මෙන්ම සිසු දරුවන්ගේද  දැනුම මෙන්ම හැකියාද සංවර්ධනය කිරීමට මෙම දී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ සංවර්ධනයට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කරගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ සයිබර් ලොවට පියාපත් ආයතනයට සහ  උරදුන් අනෙකුත් සියලු දෙනාට සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

නියෝජ්‍ය විදුහල්පති නම
උචිතා ඉන්දීවරී මල්ගහගමගේ
අ/තම්බියාව ධර්මපාල මහා විදුහල.