අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

අනුරාධපුරය

අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

ගුරු -සිසු ඇගයුම් උළෙල(2024)

මහින්දෝදය පරිගණක විද්‍යාගාරය

අප පාසලේ දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ දැමීමටත් ,තොරතුරු සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදුකිරීමටත් පරිගණක විද්‍යාගාරය භාවිතා කළ හැක.පරිගණක 30 කින් පමණ සමන්විත පරිගණක විද්‍යාගාරය බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයකින් ද සමන්විත වේ.එකවර දරුවන් 40 කට පමණ ඉගෙනුම් කටයුතු සිදු කිරීමට පරිගණක විද්‍යාගාරය භාවිතා කළ හැක.6-9 ශ්‍රේණිවල සිසුන්ට මෙන්ම 10-11 ශ්‍රේණිවල කාණ්ඩ විෂයක් ලෙස තොරතුරු හා සන්නිවේදන  තාක්ෂණය අප පාසලේ ඉගෙනිම් කටයුතු සිදුකරන අතර 12 ශ්‍රේණියේ සිසුන්ද තොරතුරු තාක්ෂණ විෂය හදාරති.ආර්.කේ දමිත් නන්දන මහතා මෙම ඒකකය භාරව කටයුතු කරයි.